ස්පෑම්
ඉන්ටනෙට් සෙකියුරිටි
එහෙමත් නැත්නම් අන්තර්ජාල
රැකවරණය නැතිවෙලා යන තවත් ක්‍රමයක් විදියට
ස්පෑම් හඳුන්වන්න පුලුවන්. ස්පෑම් කියල
කියන්නේ විශේෂ ඉල්ලීමක් නැතිව පණිවුඩ විශාල
ප්‍රමාණයක් ව්‍යාකූල ලෙස යවන එකට. අපි ඒකට
ඉංග්‍රීසියෙන් තමා ස්පැම් කියල
කියන්නේ.
මෙතනදී බහුලවම අපිට ස්පෑම් කියන වචනෙ ඇහෙන්නේ ඊමේල් වලදී. මොකද ස්පැම්
කිරීම අනිත් මාධ්‍ය වලට වඩා
ඊමේල හරහා සිද්ධවෙන හින්දා.
ඒකට හේතුව තමා ඊමේල අරින්න ඒතරම් මුදලක් යන්නෙ නැති එක . තොරතුරු ප්‍රසිද්ධ කරන්න ස්පෑම් කිරීම හරිම ලාබ ක්‍රමයක්
උදාහරණයකට භාන්ඩ විකුණන
ස්පෑම් කාරයෙකුට (spammer) පුලුවන් එයාගේ භාන්ඩ විකුනාගන්න, අන්තරජාලයෙන් එයා දන්නෙවත්
නැති කට්ටියගෙ ඊමේල ලිපින සොයාගෙන. මේ වැඩේ කරන්න ඔහුට කරන්න තියෙන්නෙ ඊමේල ලිපිනයක්
සකස්කරලා අර එකතුකරගත් ඊමේල් ලිපින සියල්ල
දාලා එකපාරටම තමට වුවමනා ඊමේල් එක අරින එක.
මෙයින් ස්පෑම් කරයාට විකිණීමට තියන භාන්ඩ ගැන අර සියල්ලට එකවර දන්වන්න පුලුවන්.
මේ විදයට ස්පෑම් කරනකොට
අපිට හරිම කරදරයි. එක එක අය ස්පෑම් කරන්න පටන්ගත්තාම ස්පැම් වලින් සමහර අයගේ ඊමේල පෙට්ටි(inbox)
පිරෙනවා. එතකොට ඊමේල් එකෙන් ඊමේල් එකට බල
බලා ඩිලීට් කරන එක කාලය නාස්ති වෙන වැඩක්.
ඒ වගේම ඒ ඊමේල්
වලින් දෙන තොරතුරු බොහෝවිට ව්‍යාජ ඒව වෙන්න පුලුවන්. ව්‍යාජ ඖෂධ නිෂ්පාදන, ණය පහසුකම්, වාහන සේල් නානාප්රකාරයේ දැන්වීම් ස්පැම් ඊමේල් හරහා අපිට
එනවා.
මේ කරදරකාර ස්පැම් ඊමේල් වලින් වැළකෙන්න ඕන තරම් ක්‍රම
තියෙනවා.
අපිට වෙලා තියෙන්නේ
අපි ගොඩාක් වෙලාවට රැවටෙනවා ස්පැම් කාරයන්ගෙ ස්පැම් ඊමේල් වලට. මොකද ඒව ඒ තරම් ආකර්ෂණීය විදියට තමා
එවන්නේ. ඒ වගේම අපි කොච්චර දැනුවත් වෙලා සිටියත් ස්පැම් වලදි
අපි නොමඟ යන්න පුලුවන්.
ස්පැම් ඊමේල් වලින්
බේරෙන්න නම් ඔයා පරිස්ස්සම් වෙන්න ඕනා ඔයාගේ ඊමේල් ලිපිනය කිසිම වෙලාවක තවත්
කෙනෙක් අතට පත් වෙන එක වලක්ව ගන්න ඕන
මෙන්න මේ විදියට..
1.
නිව්ස්ගෘප් වලට පෝස්ට් දනකොට (නිව්ස්ගෘප් කියලා කියන්නේ හැමෝම
එකතුවෙලා තොරතුරු හුවමරු කරගන්න තැනක්.
මොනා හරි එක මතෘකවක් ඔස්සේ තමන්ට තියෙන
ගැටලු ඒකෙ පෝස්ට් කලාම තව කෙනෙක් ඒකට පිලිතුරු දෙනව ඒ නිව්ස්ගෘප් එකේම ඉන්න. මේකට මුලින්ම අපේ ඊමෙල් ලිපින ඉල්ලනව ඒ
නිව්ස්ගෘප් එක ට රෙජිස්ට වෙන්න.)
2.
ඒ වගෙ තව අපේ ඊමෙල් ලිපින ඉල්ලන අන්තර්ජාල සේවා වලට අහු නොවි ඉන්න එක
3.
තමාගේ වෙබ් අඩෙවියේ
වුනත් ඊමෙල් ලිපිනය සටහන් නොකර ඉන්න එක හොඳයි (ඔයාට පුලුවන් ඔයාගෙ ඊමෙල් ලිපිනය සටහන්
නොකර ඒ වෙනුවට web contact form එකක් යොදගන්න. ඒ කියන්නේ වෙබ් අඩෙවිය ගැන අදහස් පල
කරන අයගේ තොරතුරු ගන්න
වෙනමම ෆෝම් එක ක් වෙබ් අඩෙවියේ
යොදන එක)
මෙච්චර වෙලා අපි
කතාකලේ ඔයා අතින් ඊමේල ලිපිනය අන්තර්ජාලයට මුසු වුනොත් කොහොමද ඔයා ස්පැම් තර්ජනයට
ගොදුරක් වෙන්නේ කියලා.
දැන් අපි කතා කරමු
ඔයාට ස්පැම් ලිපියක් ලැබිල තියෙන වෙලාවක ඔයා කොහොමද ඒවා මඟ අරින්නේ කියලා.
1.
ස්පැම් ලිපි විවෘත කරන එකයි (open) ස්පැම් ලිපිය ඇතුළේ තියෙන
ලින්ක් එක විවෘත කරන එක (open) වලක්වා ගන්න එක .
2.
කොයි වෙලාවකවත් අපි ස්පෑම කෙනෙක්ගෙන් කිසිවක් මිලදී ගන්න හොඳ නෑ. ඒ කියන්නෙ අපි ස්පැම කෙනෙක්ව කොයි වෙලාවකවත් තවත් දිරිමත් කරන්න
හොඳ නෑ.
3.
ස්පෑමට තර්ජනය කරන්න යන්න
එපා. මොකද එහෙම තර්ජනය කරපු ලිපි ඔයාව නීතිමය
ක්‍රියාමාර්ගයකට හසු කරන්න පුලුවන්.
4.
Unscribe option එක මඟ අරින්න
ඕනා. බොහෝවිට spam මේල් වල Unscribe option එක තියෙනවා.
ඒ Link එක click කළ පමණින් අපි අපේ ඊමේල් ලිපිනය තහවුරු කරනවා. එතකොට වෙන්නෙ තව තවත්
ස්පැම් මේල් එන එක වැඩි වෙන එක
5.
නිව්ස්ගෘප් වලට පෝස්ට් දාන්න, අන්තර්ජාලයෙන් බඩු මිලදී ගන්න වගේ
දේවල් වලට තමන්ගේ ප්‍රධාන ඊමේල ලිපිනය වෙනුවට වෙනත් ඊමේල ලිපිනයක් භාවිත කිරීම වඩා
සුදුසුයි. එතකොට අපිට පුලුවන් ඒ අතිරේක ලිපිනයට නොනවත්වා ස්පැම් මේල් එනවා නම්
තවත් අලුත් අතිරේක ඊමේල ලිපිනය හදන එක .
6.
ඒ වගෙම අපිට ස්පැම් මේල් වලින්
වැළකෙන්න ඉතාම පහසු ක්‍රමයක් තමා අපේ ඊමේල් ලිපින දෙන විට spambot වලට හඳුනා ගන්න බැරි වෙන විදියට ඊමේල් ලිපින දෙන එක. Spambot කියන්නේ අපේ ඊමේල් ලිපින හොයගන්න පුලුවන් මෘදුකාංග. ඒවායින් එහෙම
ලිපින හොයා ගන්නේ ඊමේල් ලිපිනයක තියෙන සම්මත
අංකනය භාවිතයෙන්. ඒ නිසා අපි ඊමේල් ලිපිනය දෙනකොට උදාහරනයක් විදියට ඔයාගෙ ඊමේල් ලිපිනය
a@b.com නම් ඒක
ලියන්න ඕන a at b dot com කියලා. එතකොට spambots වලට ඒක හොයාගන්න බෑ.
7.
තවත් ප්‍රධාන ක්‍රමයක් තමා spam filter කියන්නේ. මේක බොහෝ අන්තර්ජාල සේවා දායකයින්
වගේම ඊමේල් වැඩසටහන් මඟින් සපයන සේවාවක්. සමහර Spam filter වලින් අපිට අවස්ථාව දෙනවා
spam කළ යුතු සහ spam නොකළ යුතු ඊමේල් ලිපින තෝරාබේරගන්න.
එතකොට අපි හොඳින් දන්න ඊමේල් ලිපින spam නොකළ යුතුයි. නොදන්නා ඊමේල් ලිපින spam කළ යුතුයි.
සුප්පා
ReplyDeleteසුප්පා