විජ්ජාවේ විද්‍යාව
ඔබට පවතින ආලෝකය සැණෙකින් රැයෙහි අඳුරක් බවට පෙරළිය හැකිද? අවම වශයෙන් හිස් පෙට්ටියකට අත දමා මල් පොකුරක් පිටතට ගන්නටවත් ඔබට හැකිද? ඔබට කළ නොහැකි වුවත් මෙවැනි දේ කළ හැකි අය සිටිති. මැජික් කරුවන් නැත්නම් මායාකරුවන් ලෙස හඳුන්වන්නේ ඔවුන්ය. මැජික්වල මුල්ම ලක්ෂණය කුතුහලයයි.යම් යම් දේවල් සිදුවන්නේ කෙලෙසද යන්න රහසක් වීම මැජික්වල අනන්‍ය ලක්ෂණයකි.දක්ෂ මැජික්කරුවෙකුට ප්‍රේක්ෂකයා විඥානිකව පමණක් නොව උපවිඥානිකවද රවටන්නට හැකි විය යුතුය. ඇමරිකාවේ නිදහස් ප්‍රතිමාව අතුරුදහන් කරවන මැජික්කරුවෙකු රූපවහිනිය ඔස්සේ ඔබ දැක අතුවාට සැකයක් නැත. එය අපගේ ඇස් රැවටීම පමණක්ද?
බොහෝමයක් මැජික් ඇස්බැන්ඳුම් පසුපස ඇති විද්‍යාත්මක සිද්ධාන්තය බැඳෙන්නේ ප්‍රකාශ විද්‍යාව සමඟය. දර්පණ භාවිතයෙන් බොහෝ මැජික් කළ හැක. දැන් අපි උදහරණ කීපයක් වෙත යොමු වෙමු.
- කාඩ් කුට්ටම හඳුනා ගැනීමේ මැජික්
- හිස් පෙට්ටියකින් මල් පොකුරක් ගැනීම
බොහෝ මැජික්කරුවන්ගේ ද්‍රව්‍ය අතුරුදහන් කිරීමේ ක්‍රියාවලිය තුළ ඇත්තේ අපට පරිකල්පනය කළ නොහැකි වර්ණ හෝ අවස්ථාය. එහෙත් මේවා පරිකල්පනය කළ හැකි ප්‍රේක්ෂකයන්ද සිටිති. එය කලාතුරකින් සිදුවිය හැකි බැවින් මැජික්කරුවා කරනුයේ ඒ පුද්ගලයන් නොතකා ඉතිරි අයට මැජික් පෙන්වීමය.

Comments
Post a Comment